අතවර කරන්න ඇවිත් දිවේ කොටසක් නැතිවෙයි
- 3 05 2016
- 12:14
- {{hitsCtrl.values.hits}} views
- ගීතාංජලී ප්‍රියදර්ශණී
පහළොස් හැවිරිදි පාසල් සිසුවියක නිවසෙහි තනිව සිටියදී අතවර කිරීමට පැමිණි නාඳුනන තරුණයෙකුගේ දිව සපාකා, එම අතරවයෙන් මිදුණු පුවතක් මාවතගම පොලීසියෙන් වාර්තා වේ.
මාවතගම, පුස්සැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක ඊයේ (02දා) සවස මෙම සිද්ධියට මුහුණ පා තිබේ.
අදාළ සිසුවිය සැකකරුගේ දිව වෙන්වන ලෙස සපා කා ඇති බවත්, දිවෙහි කොටස බෝතලයක දමාගෙනවිත් පොලීසියට බාරදුන් බවත් මාවතගම පොලීසිය පවසයි.
එම දිව කොටස සැකකරුට බද්ධ කිරීමට අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා මේ වනවිට මාවතගම දිසා රෝහලට බාරදී ඇත. මාවතගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
