අවුරුදු 9 සහ අවුරුදු 7 ක පිරිමි දරුවන් දෙදෙනකු පස්යාල හංදියේ අතරමන් වී සිටියදී සොයාගත් බව නිටිටඹුව පොලීසිය පවසයි.
දරුවන් කියා ඇත්තේ පියා සමග පෙරදින පන්සලක නවාතැන් ගත් බවයි. පියා බස්වල ස්ටිකර් ඇලවීම සඳහා ගිය බවත් මල්ලී අඬන්නට පටන්ගත් නිසා පියා සොයා පැමිණි බවත්ය. ඔවුන් කුරුණෑගල, ගැට්ටුවාන තමන්ගේ ගම බවද කියා ඇත.