බෙලිඅත්ත නිහිළුව ප්රදේශයේදී අද (17දා) අලුයම පොලිස් අණ නොතකා ධාවනය කළලොරි රථයකට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලීසිය පවසයි.
බෙලිඅත්ත, නලගම හා අරන්වෙල යන ප්රදේශවල පදිංචිකරුවෝ දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
ඊයේ අලුයම රාත්රී මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් අධික වේගයෙන් පැමිණි ලොරි රථයකට නතර කරන ලෙසට සංඥා කර ඇත. නමුත් එම ලොරි රථය පොලිස් අණ නොතකා ධාවනය කර තිබේ.පසුව පොලිස් නිලධාරීන් විසින් එමලොරි රථය පසු පස හඹා ගොස් වහරක්ගොඩ විහාරස්ථානය අසලදී වෙඩි තබා කැන්ටර් රථය නතර කරගෙන ඇත.පොලිස් වෙඩිතැබීමත් සමග ලොරි රථය නතර කළ එහි රියදුරු පළාගොස් ඇති අතර එහි සිටි තවත් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පළාගිය රියදුරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සූරියවැව ණුවන් ජයසේකර