අනාගතයට විදුලිය ඉතුරු කරදීම සඳහා වර්තමාන පාරිභෝගිකයන් විදුලි පරිභෝජනය ක්‍රමවත්ව භාවිත කිරීමට හුරුකරවීම සඳහා ‘අඩු විදුලි’ පාරිභෝජනය සිදුකරන පාරිභෝගිකයන්ට තෑගි ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව පෙර මාසයේ විදුලි පරිභෝජනයට වඩා 10% ක් අඩුකර ගන්නා පිරිස් කුසපත් ඇදීමකින් තෝරාගෙන මෙම තෑගි මුදල් ලබාදීම සිදුකරන බවද අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.
මෙම ක්‍රමයට අනුව පෙර මාසයට වඩා 20% කින් විදුලිය අඩුකර ගන්නා පාරිභෝගිකයන් 1000 කට අදාළ මාසයේ අදාළ විදුලි බිල අයකර ගැනීමක් සිදු නොකරන බවත් 10% ක් 20% අතර විදුලි පාරිභෝජනය කළ 5,000 කට විදුලි බිලෙන් හරි අඩක් පමණක් අයකර ගන්නා බවද ඒ මහතා පවසා සිටියේය.
අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට L හිස්තැනක් ගිණුම් අංකය සඳහන් කර 1987 කෙටි පණිවිඩයක් යොමුකළ යුතු වේ.