සේවය ස්ථිර කිරීම ඇතුළු වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දොඩම්ගස්ලන්ද කහටගහ ග්‍රැෆයිට් ලංකා මිනිරන් පතලේ සේවකයන් පිරිසක් පතල අභ්‍යන්තරයට බැස අද (22 දා) පෙරවරුවේ සිට වැඩවර්ජනයක නිරත වී සිටිති.
මිනිරන් පතල අභ්‍යන්තරයේ අඩි 1132 මට්ටම් සිට අඩි 2000 දක්වා වන ගැඹුරේ විවිධ ස්ථරවල මේ වනවිට සේවකයින් 70කට ආසන්න පිරිසක් වර්ජනයේ නිරතව සිටිති. මීට අමතරව පතල මතුපිට කාර්මික අංශයේ සහ කාර්යාලයෙහි සේවය කරන සියලුම සේවකයන්ද මෙම වර්ජනයට එක්ව සිටිති.