සූරියවැව, මිරිජ්ජවිල අඩි 100 පාර සංවර්ධනය කිරීමට පවරාගත් ඉඩම් සඳහා රුපියල් මිලියන 1992ක් ගෙවීමට තිබෙන බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (07දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුගිය ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගත් මෙම ඉඩම් සඳහා වත්මන් ආණ්ඩුවට බර දැරීමට සිදුව තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව වත්මන් ආණ්ඩුව රුපියල් මිලියන 400ක වන්දි ගෙවා ඇතැයිද ඔහු පවසා සිටියේය.