පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය පිහිටුවීමට අවශ්‍ය සියලු කටයුතු අවසන් වී ඇති බවත්, දැනට සිසුන් සිටින අට්ටාල ගලවා ඉවත්කරන තෙක් ගැසට් නිවේදනයට අත්සන් නොකරන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු අවසන්ව ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය.
නමුත් ඇතැම් දේශපාලන පක්ෂවල බලපෑම් මත ශිෂ්‍ය කණ්ඩායම් සත්යග්රහ පවත්වන බැවින් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය සහ ශිෂ්‍ය ප්‍රජාව අවමානයට ලක්ව ඇතැයිද දිසානායක මහතා කියා සිටියේය.
“හෙට අනිද්දා ලැබෙන්නට තිබෙන දෙය ඇස් පනාපිටම තිබියදී රටේ ජනතාවගෙන් ලකුණු දමාගන්නට වෑයම් කරන මෘග දේශපාලන පක්ෂවල උවමනා ඉටුකරදෙන්න අපි සූදානම් නැහැ. මේ දරුවන් අටවාගෙන සිටින අට්ටාල ගලවා ඉවත්කරන තෙක් ගැසට් නිවේදනයට අත්සන් කිරීමට මම සූදානම් නැහැ.