අඟහරුවාදා වනවිට ඒකාබද්ධ විපක්ෂය සහාය දක්වන සන්ධාන ආණ්ඩුවක් බිහිවන බව දකුණු පළාත් සභා ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (18දා) මාධ්‍ය හමුවක් අමතමින්මේ බව කී ඒ මහතා, “ජනතාවාදී ආණ්ඩුවක් මේ රටට අවශ්‍යම මොහොතක් මේක. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සැකසෙමින් තියෙනවා. අපි ඒකාබද්ධ විපක්ෂය විදියට තනතුරු ලබාගැනීමට වඩා මේ වෙලාවේ ජනතාවාදී ආණ්ඩුවක් හැදීමටයි අපේ බලාපොරොත්තුව.
අපේ රටේ ජනතාවගේ පොහොර ප්රශ්නය, රණවිරුවන්ට කරන හිරිහැර, අනවශ්‍ය ව්‍යවස්ථා මේ සියල්ල අපි නවත්වාගත යුතුයි. පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ අපට වැරදුණු තැන් හදාගෙන අපි මෙවර මේ රජය ගෙනියනවා. නමුත් මෙවැනි ශක්තිමත් නැති ආණ්ඩු නිසා හොඳ ආයෝජකයන් රටට පැමිණෙන්නේ නෑ. ඒ නිසා මේ ඉදිරි දින කිහිපය තුළ අපි හදන රජය රටට අත්‍යවශ්‍යම වැඩ කටයුතු කිරීමෙන් පසු ශක්තිමත් රජයක් සැකසීම සඳහා මහ මැතිවරණයක් සඳහා යා යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ.
වසර තුනක් ඇතුළත කොටියා කුදලාගත්තා වගේම වසර තුනක් ඇතුළත අලියාටත් ඇප නැති කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වුණා. අද ජනතාව පක්ෂ පාට අතහැරලා මහින්ද රාජපක්ෂ කියන චරිතය වටා ගොනුවෙලාඉන්නවා.
ජනතාව 2015 ජනවාරි 08 වුණ වැරැද්ද හදාගත්තා වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ කාලය තුළ මේ පසුගිය ආණ්ඩුව කරපු වැරදි හදලා අපේ රට නැවත ශක්තිමත් රටක් ඇති කරන්න.” යනුවෙන්ද කියා සිටියේය.
රවීන්ද්‍ර ලියනගේ