අගමැතිට සහාය පළ කිරීමේ යෝජනාවකට අත්සන්
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවකට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන් අත්සන් කර ඇතැයි වාර්තා වෙයි. එ්කාබද්ධ විපක්ෂය විසින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව මෙම සහාය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත.
මෙම යෝජනාවට පක්ෂයේ මන්ත්රීවරුන් 80ක් අත්සන් කර ඇති අතර විදෙස් ගතව සිටින මන්ත්රීවරුන් හා අද දිනයේදී පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්රිවරුන් ඉදිරියේදී මෙයට අත්සන් කිරීමට නියමිතය.
මෙම යොජනාව සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් පාර්ලිමේන්තුවේදී අත්සන් තබා ඇත. ඒකාබද්ධ විපක්ෂය විසින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ලබන 04 දා විවාදයට ගැනීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය පවසන්නේ එම යෝජනාව පරාජය කරන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                    
 
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                