අගමැතිට එරෙහිව JO මන්ත්‍රීන් 51ක් විශ්වාසභංගය අත්සන් කරලා
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව සකස් කර ඇති විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51 දෙනෙකු අත්සන් කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා අද (19දා) පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එයට අත්සන් කරන බවට දන්වා ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.
නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළකළේය.
මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්යජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ පසුව ඊළඟ අගමැතිවරයා තෝරා පත් කරගැනීමේ වගකීම ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතුව බවය.
බහුතර කැමැත්ත ඇති පුද්ගලයෙකු අගමැතිවරයා ලෙස පත්කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බවද හෙතෙම පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

