අගමැතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙනෙන්නට නියමිතව තිබූ විශ්වාසභංගය කල්දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
අද දින පාරලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් රැස්වූ අවස්ථාවේදී අගමැතිට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය කල් දැමීමට තීරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරගෙන යෑමටත්, විශ්වාසභංගය පිළිබඳව ශ්රීලනිප සහ එජාප මන්ත්රීන් සහ ඇමතිවරුන් සමග සාකච්ඡා කිරීමට දිනේෂ් ගුණවර්ධන මන්ත්රීවරයාට පැවරීමටත් ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.