එළැඹෙන 29 දා සිට ජුනි 1 වන දා දක්වා දකුණු කොරියාවේ සෝල් නගරයේ පැවැත්වෙන “2016 රොටරි ජාත්‍යන්තර සමුළුවට“ සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (28 දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ උසස් සංවර්ධිත හා සංස්කෘතික වශයෙන් ඓතිහාසිකව බැදුණු ජාතියක් ලෙස කොරියාවේ වර්තමාන සාර්ථකත්වය සහ වර්ධනය යන්න මෙම සමුළුවේ ප්‍රධාන තේමාව වන අතර එම සාර්ථකත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීම කෙරෙහි මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුවනු ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි.
රටවල් 160 ක් නියෝජනය කරමින් රොටරි සංගමයේ සාමාජිකයින් 50,000 කට අධික පිරිසක් සහ රටවල් කිහිපයක නායකයෝ සහභාගී වන මෙම ජාත්‍යන්තර සමුළුව අමතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා මෙනවිය ද මෙම සංචාරයට එක්වෙති.