පවුලේ ආර්ථිකය පිළිබඳ සොයාබලා විසඳුම් ලබාදීමට නව ඒකකයක් පිහිට වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08දා) අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී පැවසීය.
අලුතින් පිහිටුවන ලද පවුල් ආර්ථික ඒකකය මගින් පවුලේ ආර්ථිකයේ ඇති වියදම, ආදායම, එය රටේ ආර්ථිකයට කෙරෙන බලපෑම මෙන්ම රටේ ආර්ථිකය පවුලේ ආර්ථිකයට බලපාන්නේ කෙසේද වැනි කරුණු පිළිබඳ මෙම ඒකකය මගින් සොයා බලන බව හෙතෙම පවසා සිටියේය.
පවුල් ආර්ථික ඒකකය පිහිටුවීමෙන් අනතුරුව එහි ප්‍රථම සාකච්ඡාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති අතර, එහිදී මාධ්‍යට ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසා සිටියේ,
''අද ගෙවල්වල අත්‍යවශ්‍ය ආහාර පමණක් නොව අනෙකුත් බොහෝ වියදම් දැරීමට සිදුවෙනවා. ගමනාගමනය, ඇඳුම් පැලඳුම්, ටියුෂන් ගාස්තු, දුරකථන ගාස්තු, නිවාස කුලී, පෙරපාසල් ගාස්තු ආදී වියදම් ගණනාවක් තිබෙනවා. සමහර පවුල්වල ආහාර පාන වියදමට වඩා මෙවැනි අංශවල වියදම ඉහළයි. ඒ නිසා පවුලේ ආර්ථිකයක තිබෙන වියදම කොපමණද? ආදායම කොපමණද? එය රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද? ඒ වගේම රටේ ආර්ථිකය පවුලේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද? ආදී වශයෙන් සොයා බැලීමට මෙම අලුත් ඒකකය කටයුතු කරනවා. ඊට සම්බන්ධ පාර්ශ්වයන්ගේ පළමු රැස්වීම අපි අද පැවැත්වුවා'' යනුවෙනි.