සියලු පාර්ශවයන්ගේ සහයෝගයෙන්, ඒකමතික ව්‍යවස්ථාවක් සකස් කිරීම රජයේ අරමුණ බවත් ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකළේය.
“මමත් , ජනාධිපතිතුමත් , චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් , ස්වාමිනාධන් මැතිතුමත් අපේ මහ ඇමතිතුමත් අපි ඔක්කොම එක පරම්පරාවේ එක යුගයකට අයිති අය. අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් අපේ පරම්පරාවේ. ඉතිං එකතුවෙලා මේක විසඳන්න එන්න ඕනේ”.
වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ යාපනයේ පැවති උත්සවයකට එක්වෙමිනි.