ඉදිරි පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධුරය ලබාගැනීම සම්බන්ධයෙන් අදහසක් නොමැති බවත්, එසේ වුවද අග්‍රාමාත්‍ය ධුරය ලැබෙනවානම් හොඳයි යනුවෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ, අද (11දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි. “අගමැතිකම මට ලැබෙනවානම් කොච්චර හොඳද මගේ හිතේ නම් නැහැ. කවුරුහරි එහෙම කියනවානම් හොඳයි.” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.