අගමැති හෙට ස්විට්සර්ලන්තයට
එළැඹෙන 20 දා සිට 23 වන දා දක්වා ස්විට්සර්ලන්තයේ ඩෙවොස් - ක්ලොස්ටර්ස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (19දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා ලැබුණු පළමු අවස්ථාව මෙය බවද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
2016 ලෝක ආර්ථික සමුළුවට රටවල් 40 කට අධික ප්‍රමාණයක නායකයෝ සහභාගී වීමට නියමිත බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, පුද්ගලික සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ද මේ සංචාරයට එක්වෙන බව අග්‍රමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

