සාලාව පිපුරුමෙන් හානියට පත්වූ ප්රදේශයේ නිරික්ෂණ චාරිකාවකට අගමැති රනිල් වික්රමසංහ මහතා එක්විය. මේ වන විට පවුල් 186කට අයත් පුද්ගලයින් 1120ක් සිද්ධිය හේතුවෙන් අවතැන්ව සිටිති. ඔවුහු පාදුක්ක විහාරස්ථානයේ හා වටරැක කණිෂ්ඨ විදුහලේ නවතා සිටිති.
කලු අග්ගල, මාවල්ගම, මුරුතගම, අකරවිට, පහළකොස්ගම බටහිර, බ්රැන්ඩිගම්පොළ යන ග්රාමසේවා වසම්හි ජනතාවට තවමත් සිය නිවාස කරා යෑම තහනම් කර තිබේ.