මේ වසරේ ප්‍රථම කාර්තු දෙකෙහි ඉලක්කගත අරමුණ වෙත ළඟා නොවු අමාත්‍යාංශ සහ රජයේ ප්‍රධාන ආයතන තම අධීක්ෂණයට ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කැර තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණයට එළැඹ ඇත්තේ පසුගිය ආණ්ඩු සමයේ ක්‍රියාත්මක වූ දැඩි නිලධාරිවාදය නිසා සමහර අමාත්‍යාංශ සහ රජයේ ආයතන රැසක ක්‍රියාකාරීත්වය යහපාලන ජාතික ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියා නොකරන බවට ලැබුණු පැමිණිලි පදනම් කැර ගෙනය.
අගමැතිවරයාගේ චීන සංචාරයෙන් පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික මට්ටමේ කටයුතු පූර්ණ සමාලෝචනයකට ලක් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව තවත් ජනතාවට සමීප නිදහස් සේවාවන් සපයන අමාත්‍යාංශයක කටයුතුද අගමැතිවරයාගේ අධීක්ෂණය යටතට ගැනිමට නියමිතය.
වසරකට ආසන්න කාලයක් ඇතුළත යහපාලන එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්තිවලට අනුව නියමිත ඉලක්කයට ළඟා නොවූ ජාතික මට්ටමේ අමාත්‍යාංශයක කටයුතු ද සිංහල අලුත් අවුරුද්දෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණයට ඝෘජුව යටත් කෙරේ