නව රජය පිහිටුවීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු චීන සංචාරය අද (06දා) ආරම්භ කරමින් අගමැතිවරයා චීනය බලා පිටත්ව ගියේය.
පස්වරු 1.15ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් සාමාන්‍ය ගුවන් යානයකින් අගමැතිවරයා සිය චීනය බලා පිටත්ව ගියේය.
ඔහුත් සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම සංචාරයට එක්වූහ. අගමැතිවරයාගේ චීන සංචාරයේදී එරට ජනපති ෂී ජින්පිං මහතා ඇතුළු ඉහළ පෙළේ නිධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.