හෙට (29 දා) සිට ජුනි 01 දා දක්වා දකුණු කොරියාවේ සෝල් නගරයේ පැවැත්වෙන "2016රොටරි ජාත්‍යන්තර සමුළුවට” සහභාගි වීම සඳහා අද (28දා) අලුයම දකුණු කොරියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්චොන් (Incheon) ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් එරටට ළගා වූයේය.
දකුණු කොරියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චොයි ජොන්ග්මූන් (Choi Jongmoon) මහතා සහ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනී මනීෂා ගුණසේකර මෙනවිය විසින් අගමැතිවරයා පිළිගන්නා ලදි.