ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ 16 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස අද (14දා) පස්වරුවේ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළට ළඟා වූහ. එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඉන්දීය වාණිජ සහ කර්මාන්ත ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් පිළිගන්නා ලදී.
අග්‍රාමාත්‍යවරයාගේ තෙදින නිල සංචාරය තුළඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්රනාබ් මුඛර්ජි, විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් ඇතුළු එරට නායකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
