ලබන අඟහරුවාදා හිටපු ජනපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරන බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙවන් ඔහු මහනුවරට පැමිණිවිට මාධ්‍යවේදීන් ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කළේය එහිදී හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළේ එය එදිනට බලමු බවයි.
රාජපක්ෂ මහතා ඒ බව පවසා සිටියේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේදීය.
මෙහිදී හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොලැබෙන්නේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඒ මහතා පවසා සිටියේ ඒ සම්බන්ධයෙන්ද ඉදිරියේදී බලාගත හැකිවනු බවයි.