දකුණු කොරියාවට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දකුණු කොරියාවේ - සෝල් නුවර පැවැත්වෙන 107 වන රොටරි ජාත්‍යන්තර සමුළුව ඇමතීය.
ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් විසින් ආරම්භකරීමට නියමිත මෙම මෙම සමුළුව කොරියාවේ - ගියොනෙගි හි කොරියානු ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මන්ත්රණ මධ්‍යස්ථානයේදී පැවැත්වේ. රොටරි සමුළුවට රටවල් 160 ක් නියෝජනය කරමින් රොටරි සංගමයේ සාමාජිකයින් 50,000 කට අධික පිරිසක් මෙයට සහභාගි වේ.