අකුරණ සහිරා ජාතික පාසලේ සිසුන් 38 දෙනෙක් ආහාර විෂවීමකින් රෝහල් ගත කරලා
අකුරණ සහිරා ජාතික පාසැලේ පස් වන වසරේ ඉගෙනුම ලබන සිසුන් 38 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් අකුරණ දිසා රෝහලට ඊයේ (21 දා) උදේ ඇතුළත් කර තිබේ.
මෙම සිසුන්ගෙන් පහළොස් දෙනෙකු උදේ වරැවේ ඇතුළත් කරනු ලැබූ අතර, පසුව වරින්වර තවත් 23 දෙනෙකු ඇතුළත් කර ඇත. එයින් 32 දෙනෙකු ඊයේ සවස වන විට ප්රතිකාර කර නිවෙස්වලට යවා ඇති බව අලවතුගොඩ පොලීසිය ප්රකාශ කරයි.
අකුරණ සහිරා විදුහලේ ප්රාථමික අංශයේ සිසුන්ට දවල් ආහාර වේල සඳහා අසල නිවසකින් සකස් කළ කොළ කැඳ පානය කිරීමෙන් පසුව සිසුන් කිහිප දෙනෙකුට වමනය වී ඇති අතර, අනෙකුත් සිසුන්ට ඔක්කාරය සමග අසාත්මිකතාවක් හටගෙන තිබේ.
ඒ අනුව එම සිසුන් වහාම අකුරණ රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබා දී තිබේ. රෝහලට ඇතුළත් කළ සිසුන් 38 දෙනාගෙන් 32 දෙනෙකුම නිවෙස්වලට යවා ඇති අතර, අනෙක් සිසුන් හය දෙනාගේ තත්වයද බරපතළ නොවන බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

