මනු සටහන්කරුවන්ගේ ගැටලු කඩිනමින් විසඳන බවට බලධාරීන් පොරොන්දු වීම නිසා සිදුකරමින් සිටි අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දැමූ බව ජලසම්පාදන මණ්ඩලයේ මනු සටහන්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව හෙට (13දා) සිට සාමාන්‍ය ආකාරයට රාජකාරි කටයුතු කරන බවත්, එහෙත් වර්ජනය සිදුකළ කාලය තුළ බෙදාහැරීමට නොහැකිවූ ජල බිල්පත් ලක්ෂ 09 බෙදාහැරීමට කටයුතු නොකරන බවද එම සංගමයේ ලේකම් සෙනරත් ආර්ථ ජීව මහතා සඳහන් කළේය.
ඉල්ලීම් 06ක් මුල්කර ගනිමින් පෙබරවාරි 17 වැනිදා සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළ බවද හෙතෙම පවසා සිටියේය.
මේ අනුව පෙබරවාරි මාසය තුළ බිල්පත් නොලැබුණු සියලුම දෙනාට ඉදිරි මාසවලදී මාස දෙකක මුදල එක් බිල්පතකින් ගෙවීමය සිදුවන බවද ලේකම්වරයා පවසා සිටියේය.