'බිස්නස් ටුඩේ ටොප් ටුවෙන්ටි ෆයිව්' (Business Today Top Twenty Five) හිදී 2013-2014 මූල්‍ය වර්ෂය සඳහා හොඳම ව්‍යාපාරික කාර්ය සාධනයක් පෙන්නුම් කළ ව්‍යාපාරය ලෙස ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් නැවත වතාවක් ප්‍රථම ස්ථානයට පත්විය.
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, හිල්ටන් හෝටලයේදී අද (20දා) රාත්‍රී පැවති සම්මාන උලෙළේදී සම්මාන පිරිනැමීම සිදුකෙරිණි.
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති සුසන්ත රත්නායක මහතා එහිදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා අගවිනිසුරු මොහාන් පීරිස් යන මහත්වරු අතින් සම්මානය ලබාගත්තේය.
රු.බිලියන 89.26ක සමස්ත පිරිවැටුමක් සහිත ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය වසරට සාපේක්ෂව 5% ක වර්ධනයක් පෙන්නුම් කළ අතර, බදු ගෙවීමෙන් පසු ලාභය 9% කින් වර්ධනය වී ඇත්තේ රු.බිලියන 12.54ක් ලෙසිනි.
අද සම්මාන උලෙළේදී දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් කොමර්ෂල් බැංකුව සහ ලංකා දුම්කොළ සමාගම විසින් දිනාගන්නා ලදී.