රට තුළ නව ව්‍යාපෘතිවලට අවශ්‍ය තරම් මුදල් පවතින බවත්, එහෙත් ඒ සඳහා ලබාගත හැකි ණය සීමාව ඉතා අඩු බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පළකළේ අද (15දා) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා රටෙහි ඉදිරියේදී සිදු කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘති සඳහා මුදල් පැවතියද, ඒ සඳහා ඉදිකර- පවත්වාගෙන ගොස් - බාරදීමේ ක්‍රමවේදය එනම් BOT (Built Operate Transfer) ක්‍රමය සඳහා පෞද්ගලික අංශය වෙත යොමු වූයේ මේ අදහසින් බවද ඔහු පවසා සිටියේය.
''අපි මේ ගැන හිතලා තමයි BOT ක්‍රමය ගෙනාවේ. ඉදිරියේදීව්යාපෘති සඳහා මේ ක්‍රම දෙකම හඳුන්වාදෙනවා. එහෙම නැතුව ව්‍යාපෘති කරන්න රටේ සල්ලි නැතිව නෙමෙයි. තවදුරටත් ණය වෙන්න බැහැ. ණය ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. පවුලක ලක්ෂයක ආදායමක් ලබලා ලක්ෂ දහයක් වියදම් කරනවා නම් එතැන ප්‍රශ්නයක් තියෙනවා'' යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.