මීට මාස කිහිපයකට පෙර සිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයයේ වර්තමාන අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ වැටුප විශාල මුදලකින් වැඩි කරගෙන ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.
ඔවුන් පවසන්නේ රුපියල් ලක්ෂ 3 ක් වූ අධ්‍යක් ජනරාල්ගේ වැටුප මේ වන විට 150% කින් පමණ වැඩි වී ඇති බවයි.
මෙසේ වැටුප් වැඩිවීමක් සදහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු වූව ද අධ්යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් වැඩිවීමට එසේ අනුමැතියක් ලබාගෙන නොමැති බව වාර්තා වෙන බවත් ඔවුන් පවසයි.