ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවී සිටින භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් පිරිසක් අද (21දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ. භාරතීය ජනතා පක්ෂයේ උපායමාර්ගික ක්‍රියාකාරී කමිටුවේ සභාපති හා හිටපු මධ්‍යම ආණ්ඩු මන්ත්‍රීවරයකුද වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි ඇතුළු භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයින් පිරිසක් මෙසේ ජනපතිවරයා හමුවිය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ඉන්දියාවේ ආරක්ෂාව සඳහාද වැදගත් බව ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මෙහිදී ජනපතිවරයා වෙත පවසා තිබෙන බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේය.