දිළිඳුකම පිටුදැකීම පිළිබඳව වන තුන්වැනි BIMSTEC අමාත්‍ය සමුළුව මේ වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව හා තායිලන්තය යන රටවල එකමුතුවෙන් 1997 වර්ෂයේදී BIMSTEC සංවිධානය පිහිටුවාගෙන තිබේ.