වර්තමානයේ ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් සහ පුද්ගල නිදහස ආදී ක්ෂේත්රයන්හි ශ්රී ලංකාව ලබා ඇති ප්රගතිය හේතුවෙන් අනාගතයේ ශ්රී ලංකාවට වැඩි වැඩියෙන් ආධාර, ණය සහ විශේෂඥ උපදෙස් ලබා දීමට ක්රියා කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකො නකඔ මහතා පැවසූ බව අග්රාමාත්ය කාර්යාලය පවසයි.
ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළුව පැවත්වෙන අතරවාරයේ ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැති බවත්, එහිදී ශ්රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා වැඩි වැඩියෙන් සහය ලබා දීම පිළිබඳව අදහස් හුවමාරු කරගත් බවත් අග්රාමාත්ය කාර්යාලය කියය.
නකඔ මහතා ලබන මාසයේ ශ්රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවත් අග්රාමාත්ය කාර්යාලය නිකුත් කල නිවේදනයේ වෙයි.