ප්‍රතිඵල නිකුත් වූ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් ත්‍රිත්වයටම ‘ඒ’ සාමාර්ථ ලබාගත් සිසුන් 8267ක් සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම විෂයන් තුනම අසමත් සිසුන් 22021ක් සිටින බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2016 වසර හා සසඳා බැලීමේදී ‘ඒ’ තුනක් ලබාගත් සිසුන් ( 7126) වර්ධනයක් මෙන්ම විෂයන් ත්‍රිත්වයම අසමත් වූ සිසුන්ගේ (22392) අඩුවීමක් සිදුවී තිබේ.
පාළාතක් වශයෙන් ගත්විට විෂයන් තුනටම ‘ඒ’ සාමර්ථ ලබාගත් වැඩිම සිසුන් පිරිසක් (2586) බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, විශයන් තුමන අසමත් සිසුන් වැඩිම සංඛ්‍යාව (5881) වාර්තා වන්නේද බස්නාහිර පළාත තුළය.