2015 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉංග්‍රීසි මාධ්‍යෙයන් බදුල්ල විහාර මහාදේවි බාළිකා විද්‍යාලයෙන් ඉදිරිපත් වූ නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු විශයන් 9ටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව වාර්තා වෙයි.
චමෝද්‍යා සත්සරණි ගුණසේකර හා චමෝදි තත්සරනි ගුණසේකර යන නිවුන් සොහොයුරියන් මෙම දක්ෂතාව දක්වා ඇත. ඔවුහු 5 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන්ද උසස් ලෙස සමත්ව තිබෙති. ඔවුහු උසස්පෙළද විහාර මහාදේවියෙන්ම හැදෑරීමටත් තීරණය කර තිබේ.
නිවුන් සොහොයුරියන්ගේ පියා වන්නේ බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති නීතිඥ උපාලි නිශ්ශංක ගුණසේකර මහතාය.
මේ අතර විදුහලේ ශිෂ්‍යාවන් 9 දෙනෙක්ම විෂයන් 9 ටම ‘ඒ’ සාමාර්ථ ලබා ඇත.