ලෝක සෞඛ්‍ය සංවිධානය අවම වශයෙන් එලැඹෙන සැප්තැම්බර් අවසානය වනතෙක් කොවිඩ්-19 එන්නත් බූස්ටර් මාත්‍රා (අමතර මාත්‍රා) අත්හිටුවන ලෙස ඉල්ලා සිටින බව එහි ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අවධාරණය කරයි.
සෑම රටකම ජනගහනයෙන් අවම වශයෙන් 10%ක්වත් එන්නත් ලබා ගැනීමට ඉඩ සැලසීම මෙම පියවර වැදගත් වන බව ටෙඩ්රොස් අද (04දා) පැවසීය.
"ඩෙල්ටා ප්‍රභේදයෙන් සිය ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා සියලුම රජයන් දක්වන සැලකිල්ල මට තේරෙනවා. නමුත් ලොවපුරා එන්නත් වැඩි ප්‍රමාණයක් දැනටමත් ලබාදී ඇති රටවල් ගෝලීය සැපයුමෙන් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කිරීම අපට පිළිගත නොහැකියි" ටෙඩ්රොස් පැවසීය.
පසුගිය සතියේ ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග්ට කොරෝනා වෛරසයට එරෙහි තුන්වැනි එන්නත ලබාගත් අතර, ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත කිරීම මන්දගාමී කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාවක් ලබාදීමේ ව්‍යාපාරය එලෙස ආරම්භ කළේය.
එසේම හැකි පරිදි බූස්ටර් මාත්‍රා ලබාගැනීම සඳහා එක්සත් ජනපදය ජූලි මාසයේදී ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමඟ කොවිඩ්-19 එන්නත් මිලියන 200ක අතිරේක මාත්‍රාවක් මිලදී ගැනීමට ගිවිසුමක් අත්සන් කළහ.