ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) සාමාජික ගාස්තු වශයෙන් ගෙවිය යුතු ඩොලර් මිලියන 62ක් නොගෙවන බවය.
එක්සත් ජනපදය ගෝලීය එන්නත සංවර්ධනය හා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් වන COVAX එන්නත් ප්‍රවේශයෙන් ඉවත් වී දිනකට පසුව මෙම තීරණය ප්‍රකාශයට පත්කර තිබේ.
එක්සත් ජනපදය ජූලි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විධිමත් ලෙස ඉවත් වූ නමුත් එම ක්‍රියාවලියට වසරක් ගත වෙයි. එම කාලය තුළ එක්සත් ජනපදය සිය හිඟ මුදල් දිගටම ගෙවීමට නියමිතය.
කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය පවසා ඇත්තේ මෙම මුදල් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදෙන වෙනත් දායක මුදල් ගෙවීමට භාවිතා කරන බවය.
කොරෝනා වෛරස වසංගතය හැසිරවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වීමට ට්‍රම්ප් ගත් තීරණයට හේතුවී ඇත්තේ එය චීනයේ බලපෑමට නතුව ඇති බවට චෝදනා කරමිනි. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම චීනයද මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.