හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව සඳහා නව නිත්‍ය නියෝජිත ලෙස පත්කිරීමට රජයේ උසස් නිල තල පිළිබඳ කමිටුව අනුමැතිය දී තිබේ.
අද (03) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උසස් නිල තල පිළිබඳ කමිටුවට මොහාන් පීරිස් මහතා කැඳවනු ලැබීය.
දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, කෙහෙලිය රම්බුක්වැල්ල, රිෂාඩ් බද්යුදීන් හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහතවරුද මෙම කමිටුවට එක්වූහ.