එක්සත් ජාතික පක්ෂයට මහමැතිවරණයකට අපේක්ෂකයින් සොයා ගැනීමේ අර්බුදයක්ද ඔවුන් හමුවේ තිබෙන නිසා එයින් පරාජය වන බව දන්නා බැවින් අද බියට පත්ව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ යටිනුවර ආසන සංවිධායක ඩීගයූ සෙනරත් මහතා පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ යටිනුවර ආසන කාන්තා බල මණ්ඩලය ලක්මව දියණියෝ නමින් ආරම්භ කරමින් අද පැවැත්වු රැස්විමේදි සෙනරත් මහතා මේ බව ප්රකාශ කළේය.
රට බෙදන ජාතික සම්පත් විදේශිකයින්ට විකුණන පක්ෂයකින් තරඟ කරන්නට රට ජාතිය ආගම ගැන කැක්කුමක් ඇති කිසිවකුත් අකැමැති බවද ඒ මහතා එහිදි සදහන් කළේය
යහපාලන ආණ්ඩුව ගෙන ගිය රටේ සම්පත් විජාතික කරණ වැඩපිළිවෙළ ජනපති මැදිහත්ව මහින්ද අගමැති නොකරන්නට රනිල් අපූරුවට කරගෙන යන බවත් ඉදිරි වසර දෙකත් යහපාලන ආණ්ඩුව පැවතුනේ නම් රට සම්පූර්ණයෙන්ම අර්බුදයක් වෙත ගමන් කරනු ඇති බවද ඔහු පැවැසිය.
සජිත්ට පක්ෂයේ නායකත්වය ලබා දීමට සිදුවන බව දන්නා රනිල් දැන් එය වලක්වා ගැනීමට උත්සාහ කරන්නේ කථානායක හරහා පාර්ලිමේන්තුව තුළ අවුල් නිර්මාණය කරමින් බවද ඒ මහතා පැවසීය.
චමිල් රූපසිංහ