UNPයේ කසු කුසු
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවේ යැයි පැවැසෙන සභාග ආණ්ඩුව පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු අතර කසුකුසුවක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සභාග ආණ්ඩුවක් ඇතිවුවහොත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහාය ඊට සෘජුව ලැබෙන්නට ඉඩ ඇති බව වාර්තා වෙයි.
එසේ වුවත් සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේද සහාය අවශ්‍ය වෙයි.
එසේම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ටද ආරාධනාවක් කිරීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගිය බදාදා පැවැති සාකච්ඡාවේදී යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා සහාය ලබාදීම සම්බන්ධයෙන් ඇත්තේ අවම ඉඩකි.
ඒ අනුව සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය අවශ්‍ය වෙයි. ඒ අනුව ඒ සඳහා සහාය දැක්වීමට ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳව එම පක්ෂය තුළ කතාබහක් ඇතිවී තිබේ.

popular news
-
daham Monday, 08 October 2018 12:38 PM
සැමට බල පිස්සුව සෑදී ඇති බව පෙනේ.
Reply : 0 0
Champa Monday, 08 October 2018 04:10 PM
විල්පත්තුව විනාශ කරපු, ඊට පස්සේ නීතිවිරෝධී විදිහට ලංකාවේ නොවෙන වෙන රටවල මුස්ලිම් මිනිස්සු ඒ ඉඩම්වල පදිංචි කරවපු, නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන බුල්ඩෝසර් කිරීම සාධාරණීය කරපු කිසි මුස්ලිම් ඇමතියෙක් එක්කවත්, මේ පරගැති දේශද්‍රෝහී ආණ්ඩුව ගෙන්න මුල් වෙච්ච, වහල් ආණ්ඩුවේ හැම පනතටම සහයෝගය දුන්නු දැන් මිනිස්සුන්ගේ චන්ද අයිතියත් උදුරුගන්න වහල් ආණ්ඩුවට ඕනේ විදිහට ව්‍යවස්ථාව සංශෝධනය කරන්න 20A ගෙන්න හදන ජාතිද්‍රෝහී දේශද්‍රෝහී අනුර කුමාරයි ජේවීපී එකයි එක්ක මහින්ද එකතු වෙන්න ගියොත් මිනිස්සුන්ගෙන් කිසි සමාවක් ලැබෙන එකක් නැහැ. මෛත්‍රී කිසි දවසක මහින්දට අගමැති කම දෙන්නේ නැහැ. ඊට පස්සේ කරන්නේ ඇතුලේ බොරු අසමගියක් හදල දෙතුන් දෙනෙක් දැම්මල කියයි මහින්දට අගමැතිකම දෙනවට විරුද්ධයි කියල. ඒ වෙනුවට ආවට පස්සේ ජාතික ලැයිස්තුවෙන් ඉන්න එක මිනිහෙක් දෙන්නෙක් අයින් කරලා එළියෙන් මිනිස්සු දායි. අන්තිමට අල්ලපු ඇත්තයි පය ගැහු ඇත්තයි දෙකම නැති වෙනවා. ලංකා ඉතිහාසයටම හිටපු උදාරතම දේශපාලන නායකයා, දුටුගැමුණු රජ්ජුරුවන්ට පස්සේ මුළු රටම එකසේසත් කල නායකයා කවදාවත් කුමන්ත්රණයකින් අගමැතිකම ගන්න තරම් දුර්වල බයගුල්ලෙක් කියලා මම හිතන්නේ නෑ.
Reply : 0 0
Champa Monday, 08 October 2018 04:43 PM
මම දැක්ක හිටපු ජනාධිපතිතුමා කියලා තියෙනව මෙහෙම දෙයක් නැහැ කියලා. මම එතුමාව විශ්වාස කරනවා. 2015 අගෝස්තු මාසේ මුළු රටෙන්ම ජනවරමක් ලැබිලත් ඔබට අගමැතිකම නොදුන්නු මෛත්‍රිපාල සිරිසේනව කිසි දවසක විශ්වාස කරන්න එපා. අගෝස්තු මහ මැතිවරණයේ චන්ද ප්‍රතිඵල ව්කෘති කරලා රනිල්ගේ යුඑන්පි එකට පාර්ලිමේන්තුවේ වැඩි බලය අරන් දුන්නේ මෛත්‍රී. 2015 රනිල් එක්ක එකතුවෙලා ඔබව එලවපු මිනිහ දැන් ඔබත් එක්ක එකතුවෙලා රනිල්ව එලවන්න හදනවා. 2015 repeat නොවෙයි කියලා මොකක්ද තියෙන විශ්වාසෙ? ඔබ එකතු වුනාට පස්සේ ජාතික ලයිස්තුවේ ඉන්න මිනිහෙක් අයින් කරලා එළියේ මිනිහෙක් ඇතුලට අරන් අගමැතිකම දුන්නොත් ඔබ මොනවා කරන්නද? 2015 අපි දැක්කේ නියම මෛත්‍රී. ඒ වගේ වෛරයක් කවදාවත් මම දැකල තිබුනේ නැහැ. ඒ තමයි ඇත්ත මෛත්‍රී. ඔබ හිරේ දමයි කියලා 2015 මම වගේම මුළු ලංකාවම හරිම බයෙන් හිටියේ. ඔබ නැවත බලයට ආවත් කිසි කෙනෙකුට අගතියක් කරන කෙනෙක් නෙමෙයි. (මා ළඟ නම් forgive
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

