නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස මේජර් ජනරාල් (විශ්රාමික) උදය නානායක්කාර මහතා පත්කොට තිබේ.
ඔහු හෙට (14දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.
උදය නානායක්කාර මහතා ඉංජිනේරුවෙක්ද වන අතර ඔහු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කරයි.
සර්බියාවේ කොන්සල් ජනරාල්වරයා ලෙසද ඔහු කටයුතු කර තිබේ.