එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබන වසරේ ජනවාරි මස 01 දා සිට සතියකට වැඩ කරන දින ගණන අඩු කර තිබේ. ඒ අනුව සිකුරාදා සවස, සෙනසුරාදා හා ඉරිදා දිනයන් එරට නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අනුව ලෝකයේ වැඩකරන සම්මත දින ගණන වූ දින 5ට වඩා අඩු වැඩකරන සතියක් ප්‍රකාශයට පත්කළ ලෝකයේ පළමු රට වන්නේ එක්සත් අරාබ් එමීර් රාජ්‍යයයි.
වැඩ කරන සතිය සඳුදා ආරම්භ වන අතර සිකුරාදා සවසින් එය අවසන් වේ. දිනක වැඩ කරන වේලාව උදෑසන 7.30 සිට සවස 3.30 දක්වා වෙයි. දිනකට වැඩ කරන පැය ගණන පැය අට හමාරක් වන අතර සිකුරාදා සේවකයින් පැය 4 හතර හමාරක් වැඩ කළ යුතු වෙයි.
සිකුරාදා දිනවල, නම්‍යශීලී වැඩකරන වේලාවක් හෝ නිවසේ සිට වැඩ කිරීමේ විකල්ප තෝරා ගැනීමට සේවකයින්ට අවස්ථාව දී තිබේ. මෙසේ දිගු සති අන්තයක් ප්‍රකාශයට පත්කිරීමේ අරමුණ වන්නේ සේවකයන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීම සහ වැඩ-ජීවිත සමතුලිතතාවය වැඩිදියුණු කිරීමයි.