TNA බහුතරයකට ද්විත්වපුරවැසි භාවය තිබෙනවා - සිසර
ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් බොහෝමයකට ද්විත්ව පුරවැසිභාවය ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතා පැවසීය.
එසේම එවැනි ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන සිටින ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්රිවරුන්ටවිරුද්ධව අධිකරණය හමුවේ නඩු පැවරීමට පාර්ශ්ව ගණනාවක් සූදානමින් සිටින බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
අද (01දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ටීඑන්ඒ මන්ත්‍රිවරුවන් බොහෝ දෙනෙකු ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන තිබෙනවා. නීතීය ඉදිරියට ගිහින් ඔප්පු කිරීම සඳහා අවශ්‍ය කරුණු කථානායකවරයා හෝ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රධානීන් තවමත් නිසිලෙස ලබාදෙන්නෑ.
මෙම ද්විත්ව පුරවැසිභාවය තිබෙන මන්ත්‍රිවරුන් හෙළිදරව් කරන්න, ද්විත්ව පුරවැසිභාවය තිබෙන නිසා ඔවුන්ට මන්ත්‍රිධූරයක් දැරීමට අයිතියක් නොමැති පෙන්වා දෙමින් අධීකරණයේ කරුණු දැක්වීමට මේ රටේ නීතීඥවරුන් විශාල පිරිසක් සූදානමින් සිටිනවා.
ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන තිබෙන ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් සියලු දෙනාගේ සියලු තොරතුරු විපක්ෂ නායක කාර්යාලයේ තිබෙනවා. ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍රය,එහි අංකය පරීක්ෂා කිරීමෙන් ද්විත්ව පුරවැසිභාවය ගැන තොරතුරු සොයාගත හැකියි.”

popular news
-
TILAK Tuesday, 01 January 2019 10:04 PM
අපට කියල වැඩක් නැහැ චාසේ එකක් ෆිලේ කරන්න උසාවියේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
