දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ නැගෙනහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ජේ. ජෙගනාදන් මහතා ඇතුළු මහජන නියෝජිතයන් 15 දෙනෙකු මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
ත්‍රිකුණාමලය මල්ලිකා හෝටලයේදී ඊයේ (28දා) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව පවසා ඇත.
මේ සඳහා ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, උප සභාපතිවරයෙකු, හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 07 දෙනෙකු, හිටපු ප්‍රාදේශිය සභා සභාපතිවරුන් දෙදෙනෙකු සහ හිටපු විපක්ෂ නායකයන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.
වසර 30ක් පුරා පැවැති යුද්ධයෙන් සිය ජනතාව අනන්ත පීඩා විඳි බවත්, ඒ සඳහා කිසිදු සහනයක් නොලැබුණු බවත් එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත. එසේම දෙමළ ජාතික සන්ධානය සිය ජනතාවගේ ඡන්දය ලබාගනිමින් කොළඹට යන බවත්, යළිත් ගමට පැමිණෙන්නේ මැතිවරණයක් ළංවූ විට පමණක් බවත් පෙන්වා දී ඇති එම කණ්ඩායම, ඒ ආකාරයට වසර ගණනාවක් දෙමළ ජාතික සන්ධානයට තම ජනතාව රැවටුණු බවද ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළට සහාය දක්වමින් මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන බවටද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.