හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්විමට මෙ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා පවසයි.
“26 වැනිදා රෑ ජනපතිතුමා ගත් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. පාර්ලිමේන්තුව කල් තැබීම නීති විරෝධී ලෙස කරලා තියෙන්නේ. කථානායකතුමාට බලය තියෙනවා පාර්ලිමේන්තුව කැඳවන්න. කාටද සහාය දෙන එක ගැන අපි තීරණයක් ගෙන නෑ. මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පිළිගන්නේ නෑ.”