දෙමළ ජාතික සන්ධානයේ සහාය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට සැලසුම් කර ඇති බව මේ වන විට පවතින වාර්තා වලින් පෙන්වා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් පවසන්නේ පසුගිය වසර පහ තුළ ආණ්ඩුව දෙමළ ජනතාව වෙනුවෙන් කිසිවක් කර නොමැති තත්ත්වයක ඔවුන් මෙම තීරණය ගන්නේ නම් ඒ ගැනීම පසුපස මුදල්මය දිරිගැන්වීමක් තිබිය හැකි බවයි.
