ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය වසර 6ක ප්‍රගතිය අළලා සකස් කළ “THE PEARL OF THE SILK ROUTE” ග්‍රන්ථය අගමැති මහින්ද රාජපක්ෂට පිළිගැන්වීම අද (06) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.
මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ලිවෙන් යු (Liwen Yue) මහතා විසින් ග්‍රන්ථයේ මුල් පිටපත මෙසේ අගමැතිට පිළිගැන්නුවේය.
අධ්යක්ෂ ලිවෙන් යු (Liwen Yue) මහතා සහ චාමර රන්මණ්ඩල මහතා විසින් රචිත “THE PEARL OF THE SILK ROUTE” ග්‍රන්ථය පසුගිය වසර 6ක කාලය තුළ චීන සංස්කෘතික මධ්‍යස්ථානය ඔස්සේ කළ සුවිශේෂි වැඩසටහන්වල ආවර්ජනයකි.
2014 සැප්තැම්බර් මස 16 වැනිදා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ මෙරට සංචාරයක නිරත වූ චීන ජනාධිපති ෂී ජි පිං මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු ආසියාවේ පළමු චීන සංස්කෘතික මධ්‍යස්ථානය මෙරට දී ආරම්භ විය.