ටී 56 ගිනි අවි දෙකක් සමග පොලිස් කොස්තාපල්වරයෙක් රියදුරුවරයෙක් ඊයේ රාත්රියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පිටිපනදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම ගිනි අවි ත්‍රස්තවාදී හෝ යම් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් වෙත ආධාර අනුබල දීම සඳහා භාවිත කර ඇතිද යන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරයි.
එසේම මෙම ගිනි අවි පසුගිය 29 දා පිටිපන නගරයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් ගිනි අවි හා සම්බන්ධතාවක් පවතීද යන්න පිළිබඳව පරීක්ෂණ පවසයි.
සැකකරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන විමර්ශන පවත්වයි.