Star Party|Sri Lanka තරඟාවලිය 2021 වසරේද 18 වැනි වරටත් මාර්ගගත ආකාරයට පැවැත්වීමට කටයුතු කරන බව තරගාවලියේ සංවිධායකයෝ පවසති.
දකුණු ආසියාවේ ප්‍රථම හා විශාලතම නිරීක්ෂණ තාරකා විද්‍යා තරගාවලියක් වන මෙම තරගාවලිය වසර 17ක් මුළුල්ලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය භූමියේ පැවැත්වා තිබේ.
කෙසේ වෙතත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර තරගාවලිය මාර්ගගත ආකාරයට පවත්වන බව මෙහි සංවිධායක පාසල් ද්විත්වය වන කොළඹ ආනන්ද විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය හා මහාමායා බාලිකා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය පවසයි.
පසුගිය වසරන්හි පැවැත්වූ මෙම තරගාවලියට දිවයින පුරා පාසල් 150 කට වඩා වැඩි පිරිසක් සහභාගි වී ඇති අතර ඒ හරහා තාරකා විද්‍යාව සඳහා උද්යෝගිමත් සිසුන්ගේ ප්‍රායෝගික හා නිරීක්ෂණ කුසලතා මෙන්ම ඔවුන්ගේ විෂයාන්තර දැනුමද වර්ධනය කිරීම උපකාර වන බව සංවිධායකන් පෙන්වා දෙයි.
අගනුවරට පමණක් සීමා වූ තාරකාවිද්‍යාව දිවයින පුරා පාසල් සිසුන් අතරද ප්‍රචලිත කිරීමට Star Party|Sri Lanka මගින් හැකිවූ බව සංවිධායකන් පසයි.
Star Party|Sri Lanka ඉතිහාසයේ ප්‍රථම වරට ජාත්‍යන්තර සිසු ප්‍රජාවටද තරග කිරීමට අවස්ථාව සලසමින් තරගාවලිය තවත් පුළුල් කරමින් ශක්තිමත් අන්තර්ජාතික සබඳතාවන් ඔස්සේ ආකර්ෂණීය තරගකාරී මාර්ගගත පරිසරයක සිට තරඟකරුවන්ගේ ඇගයීම් සිදු කිරීමටත් සියලුම කටයුතු සූදානම් කර ඇතැයි ඔවුන් සඳහන් කරයි.
මෙවර තරගාවලියට දේශීය මෙන්ම විදේශීය සිසුන් 1000කට ආසන්න පිරිසක් එක්වෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.
තරගාවලිය සඳහා සියලුම දායකත්වයන් සඳහා විමසීම් [email protected]/[email protected] ඊ-මේල් ලිපිනයට යොමු කළ හැකි බවද සංවිධායකන් වැඩිදුරටත් දන්වා සිටියි.