සීදූව පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සීදුව පදිංචි අවුරුදු 44ක පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු 1991 වසරේ සිට දිවයිනේ විවිධ ප්‍ර දේශවල සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සැකකටයුතු අයුරින් ගමන් කරන වාහනයක් ලුහු බැද යාමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගිනි අවි භාවිතයෙන් සිදුකළ අවම බලය පාච්චි කිරීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
සැකකරු පුද්ගලය ඝාතනය 6කට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී ඇති අතර කොල්ලකෑම් ගණනාවක්ද සිදුකර තිබේ.
සිද්ධිය සිදුවූ ස්ථානයේ තිබී මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක්ද සොයාගෙන තිබේ.