ශ්රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරු දෙදෙනෙකුට පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මහතා අතින් අද (22දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ඒ අනුව කටුගම්පොළ ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පන්නල ප්රාදේශීය සභා මන්ත්රී සම්පත් වීරවර්ධන මහතා සහ ගල්ගමුව ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස ගිරිබාව ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ආර්.ඩී. ගුණරත්න මහතා ජනාධිපති අතින් පත්වීම් ලිපි ලබාගෙන තිබේ.