හොරණ ආසන සංවිධායකවරයා ඉවත්ව ගොස් සිටින නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාට ආසනයේ වැඩ කටයුතු කිරීමට සම්බන්ධ වන ලෙසට හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (07) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ තරුණ පෙරමුණේ ලේකම් රුවන් නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ තනතුරට විදුර වික්‍රමනායක මහතා පත්කළහොත් කොන්දේසි කිහිපයක් මත ඔහු භාර ගැනීමට කටයුතු කරන බවයි.
හිටපු ආසන සංවිධායක යසපාල කෝරළගේ මහතා ඔහුගේ පෞද්ගලික න්‍යාය පත්රයකට අනුව සංවිධායක ධුරයෙන් ඉවත් වී පිවිතුරු හෙළ උරුමය සමග එක් වී සිටින බවද තරුණ පෙරමුණ, කාන්තා බල මණ්ඩලය හා හොරණ ප්‍රා‘දේශීය සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සඳහන් කරති.